කට්ටියට මාව අමතක වෙලාද මන්දා හුග කාලෙකට පස්සේ ( හරියටම මාසයකුයි දවසකට පස්සේ ) කොහොමද ඉතින් මට නම් වැඩ ගොඩ ගැහිලා මෙච්චර කාලයක් ලියන්න බැරි උනාට සමාවෙණ්ඩ ඔනේ.හැබැයි ඉතින් වෙනදා වගේම පැය 24 න් පැය 12 ක් ම කොම්පියුටරේ ඔන් එකේ ඒත් මම කොහෙවත්
. කොහොම උනත් මූනු පොතේ හේන කොටන එක නම් නැවැත්තුවේ නෑ. දැන් ඉතින් A/L වලට මහන්සි වෙන්න එපෑ පංති වල කියලා දෙන ඒවා අහද්දි මොලේ විකාර වෙනවා ඇල්ෆා කියනවා බීටා කියනවා ටීටා කියනවා බිංදුව කියන්නෙ මොකක්ද ? අනංතය කියන්නෙ මොකක්ද ? අනෙ මන්දා ඒවා විසදනකොට පිස්සු හැදිලා අයේත් හැදෙනවා
ඒ විතරක්නම් මදෑ භෞතික විද්‍යාව සෑර් පස්සට පයින් එකක් ප්‍රක්ශේපනය කරනකොට තමා කරගෙන එණ්ඩ දුන්න වැඩ මතක් වෙන්නේ.
වැඩ කීයක් කියලා මතක තියාගණ්ඩද?
මම ඉතින් නිකං ඉන්න වෙලාවක සයිට් එකට පොඩි වැඩ කෑල්ලක් දැම්මා (යුනිකේත පරිවර්තකයක් ) මගේ එකක් නම් නෙමේ UCSC Real Time Font Converter එකම තමා
පොඩ්ඩක් වෙනස් කරා ඉස්සරහට මගේම නිර්මාණයක් කරන්න හිතනවා
. පහුගිය දවස් වල බ්ලොග් එකට කමෙන්ට් කීපයකුත් ඇවිත් තිබ්බා කමෙන්ට් දෙකක් විතර කියවලා මට තියෙන පිස්සුව ඩබල් උනා (ඒවා හරියට තේරුම් ගන්න බෑ )
කාලෙකින් සිංහල බ්ලොග් කියවන්ඩත් බැරි උනා. ඔයාලගෙ බ්ලොග් කියවන්ඩ බැරි උන එකටත් සමා වෙන්න නිවාඩු තියන වෙලාවට බ්ලොග් ටික කියවන්නම්කෝ.
මේ පාර 23 වෙනිඩා (බ්‍රහස් පතින්දා ) ඉදන් මාස එකහමාරක දිග… ඉස්කෝලේ නිවඩුවක් දෙනවා ඉතින් ඔය දවස් ටිකේදිවත් බ්ලොග් එක පැත්තට ඇවිත් ලිපියක් දෙකක් ලියලා යන්න බලන්නම් . හ්ම්…… පෙරහැර බලන්න යන්නත් ආසාවක් තියෙනවා බලමුකො.., බලන්න ගියොත් ඒ විස්තරත් ඔයාලට කියන්නම් එහෙනම් අදට මේ ඇති. ඔයාලට සුබ සතියක් වේවා..
Related posts:
- වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකට Contact Form එකක් දාගන්න
- අවුරුද්දයි මාසයයි පැය18 යි විනාඩි11 යි ටත්පර2 යි
- ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වෙවා.
- වෙබ් අඩවියට නව පෙනුමක් (කොහොමද හොදද?.)
One Response to “කලකට පස්සෙ බ්ලොග් එක ලිව්වේ.(පිස්සුව වැඩි වෙලා)..”




කාලෙකට පස්සෙ මලයණ්ඩිව දැක්කෙ…
ඔව් ඔව් මලයො ඔක්කොටම කලින් A/L ගොඩදාගන්න එපැයි… හොඳට වැඩටික කරගෙන යන්න.. බයවෙන්නෙපා.. බ්ලොග් එක නොලිව්ව කියලා අපිට මලයව අමතක වෙන්නෑ… ඒවා හිතන්නැතුව පාඩම් වැඩ හොඳට කරන්න… ජයවේවා කිව්වා එහෙනං ඕං..!